අමනුෂ්‍යයන්ගේ ගොදුරක් නොවන මඟ

පෙරවදන

පේ‍්‍රතයන්, භූතයන්, යක්ෂයන් ආදී  ඕපපාතික ජීවීන්ගෙන් මිනිසුන් හට බලපෑම් සිදුවන බව රහසක් නොවේ. මුළු මහත් විශ්වයම අතැඹුලක් සේ අවබෝධ කළ ලෝකවිඳු ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාළ, බුද්ධ දේශනාවන් හී පවා  ඕපපාතිකව උපදින අමනුෂ්‍යයන් පිළිබඳව ද, අමනුෂ්‍ය ජීවීන්ගෙන් මිනිසුන්ට වන බලපෑම් පිළිබඳව ද, එම අමනුෂ්‍ය උවදුරු වලින් නිදහස් වන ආකාරය පිළිබඳව ද සඳහන් වී ඇති තැන් බොහෝ ය.

වෙන කවරදාටත් වඩා වර්තමානය තුළ ගෝලීියකරණයේ වේශයෙන් මිත්‍යා දුෂ්ටිය ප‍්‍රබලව සමාජය තුළ පැතිර යාමත් සමඟම සමාජ සාරධර්මයන් පිරිහී දුරාචාරය වර්ධනය වෙමින් පවතී. දිනෙන් දින සීලයෙන් පිරිහෙන, ගුණ ධර්මයන් ගෙන් පිරිහෙන සමාජයක් බිහිවෙමින් පවතිී. එහි ප‍්‍රතිඵලලෙස බුදුරජාණන් වහන්සේ මහාසාළ සූත‍්‍රයේ දී පෙන්වා වදාළේ අධර්ම රාගයෙන්, විෂම ලෝභයෙන්, මිත්‍යා දුෂ්ටියෙන් වර්ධනය වූ සමාජයක් බිහි වීම නිසා සැඩ යක්ෂයන් මිනිසුන් අතරට පැමිණ අමනුෂ්‍ය ග‍්‍රහණයකට මිනිසුන් ගොදුරු කරගන්නා බවයි. එම අමනුෂ්‍යයන් ගේ ගොදුරු බවට පත්වන මිනිසුන් දස දහස් ගණනින් මණයට පත් වී යන අතර ගම්, නියම් ගම්, නගර, ජනපද වල ජනග‍්‍රහණය අඩු වී යාමට අමනුෂ්‍ය උවදුරු ප‍්‍රබල හේතුවක් වන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත.

එපමණක් ද නොව අනාගත භය සූත‍්‍රයේ දී ශ‍්‍රාවකයන් විසින් නිරන්තරයෙන් මෙනෙහි කළයුතු කරුණක් ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ, ”මාගේ ජීවිතය සැඩ යක්ෂයෙකුට ගොදුරු වී විනාශ විය හැකියි. නපුරු අමනුෂ්‍යයෙකු ගේ ග‍්‍රහණයකට හසු වී මා මිය යා හැකියි. ඊට පෙර මා අප‍්‍රමාදීව ධර්මයේ හැසිරිය යුතුයි. සීල, සමාධි, ප‍්‍රඥා සම්පූර්ණ කොට ඉක්මනින්ම නිවන් අවබෝධ කරගත යුතුයි.” යනුවෙන් නිරන්තරයෙන් සිහිකොට අප‍්‍රමාදීව වීර්යය උපදවා භාවනා කළයුතු බව පෙන්වා දී තිබේ.

වර්තමානයේ මිනිසුන් අමනුෂ්‍ය ග‍්‍රහණයකට හසුවන්නා සේම එම අමනෂ්‍ය උවදුරු වලින් බේරීම පණිසි කිසිඳු ආධ්‍යතමික ගුණධර්මයක් නොමැති සට කපට යකදුරන්, කට්ටඩියන් වෙත ගොස් ඔවුන් ගේ ග‍්‍රහණයට හසුවීම නිසාද, ”ගහෙන් වැටුණ මිනිසා හට ගොනා ඇන්නා සේ” අසරණ වන අයුරු අප අනන්තවත් දැක ඇත. සැබවින්ම අමනුෂ්‍ය උවදුරු වලින් බේරීම පිණිස ද, තවත් අයෙකු අමනුෂ්‍ය උවදුරකින් ගලවා ගැනීම පිණිස ද තමන් තුළ සීලාදී ගුණධර්මයන් දියුණු වී තිබිය යුතුය. බුදුරජාණන් වහන්සේ විසින් සංයුක්ත නිකායේ සත්ති සූත‍්‍රය, කුල සූත‍්‍රය ආදී දේශනාවන් හී වදාළ පරිදි අමනුෂ්‍යයන් දමනය කිරීම පිණිස මෛත‍්‍රී භාවනාව තුළින් දියුණු කරගත් චිත්ත සමාධියක් තමන් තුළ ඇති කරගත යුතුය. සීලයෙන්, සමාධියෙන්, ගණුධර්මයන් ගෙන් දයිණු මනෂ්‍යයන් හට බලපෑමක්, හරිහැරයක් කිරීමට කිසිඳු අමනුෂ්‍යයෙකු හට හැකියාවක් නොමැත.

”උග්ගණ්හාතු භන්තෙ භගවා ආටානාටියා රක්ඛා භික්ඛුනං, භික්ඛුණීනං, උපාසකානං, උපාසිකානං, ගුත්තියා, රක්ඛාය අවිහිංසාය ඵාසුවිහාරායාති.

”භික්ෂූන් හට ද, භික්ෂුණීන් හට ද, උපාසකයන් හට ද, උපාසිකාවන් හට ද, අමනුෂ්‍යයන්ගෙන් උවදුරු නැතිවීම පණිසි,අමනෂ්‍ය විපත් වලින් ආරක්ෂාව පණිසි, අමනෂ්‍යන්ගෙන් හිංසාවක් නොවනු පිණිස, පහසු විහරණය පණිසි මේ ආටානාටිය දේශනය ඉගෙනගත යුතුය.” යනුවෙන් මහා කාරුණික බුදුරජාණන් වහන්සෙ ආටානාටීය සතූ ‍දේශනාව තුළින් ශා‍්‍රවකයන් හට පෙන්වා දුන්හ.

මෙම සඳහම් ග‍්‍රන්ථය තුළින් සැබෑ දෙවියන් යනු කවුරුන්ද යනු බුද්ධ දේශනා ඇසුරෙන් පෙන්වා දී ඇති අතර අමනුෂ්‍යයන් යනු කවුරුන්ද යන්න මනාව ධර්ම කරුණු ඇසුරෙන් පෙන්වා දී ඇත. දෙවියන් යනු කවුරුන්දැයි හඳුනා නොගෙන අමනුෂ්‍යයන් හට පුද පූජා තබමින් අමනුෂ්‍යයන් සමඟ ගනුදෙනු කිරීමට පෙළඹිම නිසා බොහෝ වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් අමනුෂ්‍යයන්ගේ ගොදුරු බවට පත් වී අවසානයේ තමන්ගේ ජිවිත පවා අමනෂ්‍ය උවදුරු නිසාම අහමි වී යයි. ධර්ම දෙශ්නාවන් දෙකක් ඇසුරෙනුත්, ප‍්‍රශ්න උත්තර වශයෙන් ධර්ම සාකච්ඡා වශයෙනුත් සකස් කොට ඇති මෙම ග‍්‍රන්ථයේ සඳහන් කරුණු නිරවුල් මනසකින් යුතුව කියවා බලා විමංසනශීලි වීම තුළ අමනෂ්‍ය ග්‍රහ‍නයෙන් මිදි ආරකෂා වීම පණිසි අනගුමනය කළයතුු මඟ බුද්ධිමත් පාඨකයන් හට විවර කරගත හැකිය.

මෙම ග‍්‍රන්ථය සකස් කිරීම තුළින් මා රැස් කරගත් සියළු පින් මා හට උතුම් පැවිදි බව ලබාදුන් ගොඩකවෙල මලව්ස්සාවෙහෙර භාවනා මධ්‍යස්ථානාධිපති අතපිජූනයී පාතකඩ සුමනතිස්ස ස්ථවිරයන් වහන්සේටද, වයඹ දිසාවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක බෝපිටියේ ශ්‍රී සෝමරතන නායක ස්ථවිරයන් වහන්සේටද, හරිගල සරණපාල ස්ථවිරයන් වහන්සේටද, මාගේ පැවිදි ජීවිතයට ඉමහත් අනුග‍්‍රහයක් කළ සියළු භික්ෂූන් වහන්සේලා හට ද මේ ජීවිතයේ දී ම ධර්මාවබෝධය පිණිස උපකාර වේවා!

එමෙන්ම දහම් සේවා කටයුතු සඳහා මා හට බොහෝ උදව් උපකාර කරනා පින්වත් සියලූ දෙනාටද, ධර්ම මාර්ගයේ දී මෙත් සිතින් අතහිත දෙන සැමට ද ධර්මාවබෝධය පිණිස මේ පින් උපකාර වේවා!

මෙම සඳහම් ග‍්‍රන්ථය මුද්‍රණ කටයුතු සහ බෙදාහැරීමේ කටයුතු ඉතා ශ‍්‍රද්ධාවෙන් යුතුව ඉටුකරදුන් සදීපා ප‍්‍රකාශන ආයතනාධිපති සරත් වන්නිආරච්චි මහතාටද, කාර්ය මණ්ඩලයේ සියලූ දෙනාටද ධර්මාවබෝධය පිණිස මේ පින් උපකාර වේවා !

මෙම ග‍්‍රන්ථයේ පරිගණක අක්ෂර සකස් කරමින් උපකාර කළ රෝහිත ජයලාල් පුතණුවන්ට ද, ධර්මාවබෝධය පිණිස මේ පින් උපකාර වේවා!

සැමට තෙරුවන් සරණයි !