ඉපදීමේ දුක

පෙරවදන 

 පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන්ව මා හදුනාගත්තේ මීට වසර පහකට පමණ පෙර ය. එනම් උන් වහන්සේ කුණ්ඩසාල ප‍්‍රදේශයේ පුංචි ලෑලි කුටියකට වී භාවනා මධ්‍යස්ථානයක් ගොඩනග මින් සිටි අවදියේදීය. එදා සිට මේ දක්වා ම උන්වහන්සේ විඳි දුක්ග ැහැට පිළිබඳව හොඳින් ම දන්නා මා ”ඒ පිළිබඳ ග‍්‍රන්ථයක් ලියමු” යැ යි කිහිප විටක්ම උන් වහන්සේට සිහිපත් කළෙමි.

 ”වැඩක් නැහැ. මම ගැන මොනව ලියන්නද? දුක් විදපු ඒව තමයි ලියන්න තියෙන්නෙ” කියමින් උන් වහන්සේ එය ගණනකට නොගෙන සිටිය ද උන් වහන්සේගේ ජීවිතය ඇසුරෙන් කොතරම් ආදර්ශයක් සමස්ත ලෝකයාට ම ගත හැකි නොවේ දැ යි මට නො- යෙක් අවස්ථාවල සිහි විය. 

 ඒ අනුව මම උන් වහන්සේට විවේකය තිබෙන අවස්ථාවලදී මුණගැසී, මා දන්නා බොහෝ සිදුවීම් ගැනත්, නොදන්නා සිදුවීම් ගැනත් විමසමින් ඒවා පටිගත කොට ඉතා උනන්දුවෙන් මෙම ග‍්‍රන්ථය සකස්කොට උනව්හනේසට් ම කයිවනන්ට දුන්නෙමි. එය කයිවා වඩාත් සතුටට පත් වූ උන් වහන්සේ මෙම ග‍්‍රන්ථයට ඇතුළත් විය යුතු තවත් බොහෝ කරුණු පෙන්වා දෙමින් තමන් වහන්සේ ළඟ තිබුණු ඉතා දුර්ලභ ඡයාරූප සොයා දෙමින් මෙම ග‍්‍රන්ථය සම්පූර්ණ කරගැනීම සඳහා මාහට ඉතා සතුටින් ම උදව් උපකාර කළ සේක.  

 මෙම ගන‍්‍රථ්ය පුජ්‍ය ගලිගමුවේ ඤාණදපී හමියන් ගැන ලයිවණු චරිතාපදානයක් වුව ද, අනෙකුත් චරිතාපදානයන්ට වඩා අව්‍යාජ වූ සත්‍යය ම හෙළිදරව් වන ආදර්ශවත් ග‍්‍රන්ථයක් බව මෙය කියවීමෙන් ඔබට ම පෙනීයනු ඇත. 

 වසර කිහිපයක් ම උන් වහන්සේව ඇසුරු කළ මාහට උන් වහන්සේගෙන් ලැබුණු උදව් උපකාරත්, ධර්මාවවාදයනුත් මා සැබෑ ම බෞද්ධයකු බවට පත් කළේ ය. ඒ වෙනුවෙන් උන් වහන්සේහට අල්ප මාත‍්‍ර හෝ යුතුකමක් ඉටු කළා යැ යි මෙම ග‍්‍රන්ථය තුළින් මට හැගෙයි. 

ජී. ඩබ්ලිව්. රෝහිත ජයලාල් අංක. 446, අලගල්ල පාර